ඔහු මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.
මේ වන විට මෙරට මහ නගරසභා 24ක්, නගරසභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් පවතින බවද ඒ් අනූව මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් බවද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ ඒ පළාත් වල කාලානුරූපව ඇති වන ජනගහණයේ සහ සංයුතියේ වෙනස්කම්, එම ප්‍රදේශ වල ඇති වන යටිතල පහසුකම් ව්‍යාප්තිය සහ එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා වර්ධනය වීමේ වේගය යනාදිය සලකා බලා කමිටුවක් විසින් තීරණය කරනු ලබන නිර්ණායක සැලකිල්ලට ගෙන කලුතර, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර, කෑගල්ල යන නගර මහ නගරසභා බවට පත්කිරීමටත්, කිලිනොච්චි, මුලතිවු, මොණරාගල ප්‍රාදේශීය සභා නගරසභා බවට පතකිරීමටත් ඊයේ කැබිනට් අනුමැතිය ලබාදුන් බව සඳහන් කළේය.
ඒ තුළින් ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ට අයත් ප්‍රධාන නගර 10ක මහනගරසභා හෝ නගරසභා ශ්‍රේණිගත කිරීමක් මේ අනූව සිදුවන බවද එම පළාත් වල සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සදහා මෙය අදාල වන බවද වැඩිදුරටත් පැවසුවේය.
එහිදී මෙම වැඩපිළිවෙල තවදුරටත් රටටම පුළුල් විය යුතු බවද පෙන්වාදුන් බවද, තමා නියෝජනය කරන හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ 270,000ක් ජනගහණය සිටින බවද විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් පසුගිය කාලය තුළ එම ප්‍රදේශයට ගොස් ඇති අතර ලංකාවේ විශාලතම ප්‍රාදේශීය සභාව වශයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමනිසා එය නගර සභාවක් සහ ප්‍රාදේශීය සභාවක් වශයෙන් කොටස් කිරීමට සිදුකළ ඉල්ලීමේදී බස්නාහිර පළාතේ ගම්පහ, කලුතර, කොළඹ යන දිස්ත්‍රික්ක 03හිම ඇතිවී ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන නගරසභා මහනගරසභා සහ ප්‍රාදේශීය සභා පිහිටුවීම පිළිබද නිර්ණායක කඩිනමින් සකස් කරන බව ජනාධිපතිතුමා දැනුම්දුන් බවද සඳහන් කළේය.