අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.
මේ වන විට ග්‍රාමිය මාර්ග 4800ක් සහ ජාතික මාර්ග කි.මි 300ක් පමණ වැඩ අවසන් කර ඇති බවත් මෙම ව්‍යාපෘතිවල කටයුතු බාධාවකින් තොරව
ක්‍රියාත්මක කිරීම පිණිස iROAD 1 වැඩසටහන යටතේ 5වන අදියර සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 243 ක ණය මුදලක් සහ iROAD 2 ව්‍යාපෘතිය යටතේ 4වන අදියර සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට අදාළව ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සහ සම්මුති පවත්වා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම පිණිස ප්‍රවාහන මහා මාර්ග ඇමතිවරයා ලෙස තමා විසින් ඉදිරිපත් කළ කැබිණට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
දැනට අත් වී තිබෙන විශාල මූල්‍ය අර්බුදය යටතේ අළුතින් පාරවල් විශාල ලෙස ඉදි නොකරන බවත් නමුත් සහනදායි කොන්දේසි යටතේ විදේශාධාර ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන බව කී අමාත්‍යවරයා,මේ තුළින් රටට ඩොලර් ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන බවත් ඩොලර් හිගය ඇති අවස්ථාවේ එම ණය මුදල අපට වැදගත් බවද කීය.