ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය
සාකච්ඡාවේ දී ය.
කැබිනට් අනුකාරක සභාව හා ජිවන වියදම් අනුකාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ රජයේ ආයතන පිලිබඳ අනුකාරක සභාවේ සභාපතීත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ඇත. නම් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් ගෙන් සමන්විත එම කමිටු සති දෙකකට වරක් රැස් වී අදාළ විෂය පිළිබඳව වන තීන්දු තීරණ ඊට පසුව එන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති අතර, එමඟින් වඩාත් ඉක්මන් තීන්දු තීරණ ලබා ගත හැකි වනු ඇති බව ද හෙතෙම පැවසීය.