ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එමඟින් අඛණ්ඩව ගෘහස්ත ගෑස් සැපයුම තහවුරු කිරීමත්, පිරිවැයෙන් නිරූපිත මිල සුත්‍ර නොපමාව ක්‍රියාත්මක කිරීමත් එම මිල සුත්‍රය සෑම මසකම පස්වෙනි දිනට සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම උදෙසා මෙම් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව, පිරිවැය නිරූපිත මිල ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා පෙර නොවූ විරූ අකාරයකට ලංකාව තුළ ගෑස් සඳහා පෝලිම් ක්‍රමයක් ඇති වූ බවත්, එමඟින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බවත් සඳහන් කළ ඒ මහතා මෙම කැබිනට් පත්‍රිකාව මඟින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගිකයාට ලැබීමටත්, ගෑස් මිල වැඩිවන විට එහි අවාසිය විඳ ගැනීමටත් හැකිවන ආකාරයට මෙම මිල සුත්‍රය ප්‍රකාශ කිරීම මඟින් හැකි වනු ඇති බව හෙතෙම පැවසීය.
මේ වන විට ලිට්රෝ 12.5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් අඩු කිරීමට ද හැකි ව ඇති බවත් කියා සිටින ලදුව රජය විසින් සපයන සේවාවන් සඳහා මෙවැනි මිල සූත්‍ර හඳුන්වා දීමට කටයුතු කළ හොත් අනාගතයේ කිසි දිනක මෙවැනි අකාරයේ භාණ්ඩ හිඟ වීමේ අර්බුදයකට මුහුණ පාන්නට හැකි නොවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. රාජ්‍ය ව්‍යාපාර වල මූලික අරමුණ ලාභය නොව ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීම බවත්, එමඟින් පිරිවැය අවම වන මිලක් නියම කල හොත් වඩා හොඳ ගුණත්වයෙන් ඉහළ සේවාවක් වඩාත් සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට ලබා දියහැකි ලබා දිය හැකි බවත් බන්දල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.