ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.
රට තුළ ඇති වෙනස අප හඳුනාගත යුතුයි. ඒ වෙනසට අවශ්‍ය පිළියම් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තූළින් එළි දක්වා ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් තරුණ අරගල කරුවන් ගේ හඬ ට අවධානය යොමු කොට ඇති බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය වන බව පෙන්වා දුන් සභානායකවරයා රට තුළ නීතිය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය සඳහන් කළේය.
ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගැන සඳහන් කරමින් රටේ සමස්ථ ජනතාවටම ජනාධිපතිවරයා සිය කතාවෙන් ආමන්ත්‍රණය කළ බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් පැවසීය.
සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රටට අලුත් ආරම්භයක් අවශ්‍ය බවයි. රට ගොඩනගන වැඩපිළිවෙළ සඳහා තම පක්ෂය ධනාත්මකව සහාය දීමට සූදානම් බව ද ඔහු කිය. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බවත් මැතිවරණ කල් නොදමන ලෙසට හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය
යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති තුමාගේ රාජසන කතාවේ බොහෝ කරුණු විපක්ෂය පිළිගන්නා බව සඳහන් කළේය. දේශපාලනඥයන් ගැන සමාජය තුළ වෛරයක් ඇත ඊට හේතු අප තේරුම් ගත යුතුව ඇතැයි ද ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විවාදයට එක්වෙමින් දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වය හා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කොට රටට ලබාදීමට අප බැඳී සිටින බව කීය ජනාධිපතිතුමා රට නව මාවතක් කරා යාමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇත ඒවා සාර්ථක කරගැනීම සඳහා සෑමගෙ සහාය ලබාදීම යුතුකම බව ද ඔහු කීය
පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්නන් මහතා විවාදයට එක්වෙමින් රජයේ වැඩපිළිවෙලට උදවු කිරීමට සූදානම් බව කීය රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ගත යුතු බවද කීය.