පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පසුගිය සති හතරක කාලය තුළ අවශ්‍ය භූමි තෙල් ධීවර ජනතාවට ලබාදීමට නොහැකි වූ බවත් එහෙත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා කීය,
පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමි තෙල් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බව ද කී අමාත්‍යවරයා, අගෝස්තු මස 15 දින බොර තෙල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් දෙවැනි නෞකාව 29 දින පැමිණෙන බවත් 15 දින සිට පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව අගෝස්තු 19 සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමට කටයුතු කරන බවත් භූමි තෙල් ලබාදීමේ දී මිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.