පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු බලතල සහ වරප්‍රසාද සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ,
මේ රටේ උද්ඝෝෂණ කරන්න, අරගල කරන්න , ඉඩ ලබා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළිව ප්‍රකාශ කර ඇති බවත්, නමුත් ප්‍රචණ්ඩත්වය ඇති කරමින් අන් අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරයි නම් ඒ ප්‍රචණ්ඩත්වයට සහ මානව අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව පවතින නීතිය අනුව කටයුතු කරන බවයි.
රජය අරගලකරුවන් මර්ධනය කරනවාද යනුවෙන් ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජය අරගලකරුවන් මර්ධනය නොකරන බව තමා පෙන්වා දුන් බව අමාත්‍යවරයා පැවසීය.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මිලේච්ඡ ලෙස වද හිංසා පමුණුවා මහපාරේ මරා දැමු බවත් , මන්ත්‍රීවරුන් 72කුගේ නිවාස අහිමි කළ බවත් කී අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු කටක් ඇරියේ නැතැයිද කීය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද පනතක් තිබෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබෙනවා. මොන දේශපාලන පක්ෂයේ සිටියත් සභාවේ ගෞරවය ආරක්ෂ කළ යුතු වෙනවා." යැයි අමාත්‍යවරයා පැවසීය.