ඒ පිළිබද දෙවන වර කියවීමේ විවාදය ලබන සිකුරාදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, දූෂණයට එරෙහි පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. සෑම දෙනාම බලාපොරොත්තු වන දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ස්ථාපිත කර ගැනීමට ඒ හරහා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දැනට පවතින අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙනුවට නව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවක් සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත වෙනුවට නව නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කීය. 2015 වසරේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන විට එක්සත් ජාතින්ගේ දූෂණයට එරෙහි පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කිරීමට ඒකග වුවද ඒම පනත් කෙටුම්පත සකස් කර අවසන් කිරීමට නොහැකි වූ බවත් මේ වන විට ඒම පනත් කෙටුම්පත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයිද කීය.