පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ අද (10) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා, ඩග්ලස් දේවානන්දා මහතා, එම්. යූ. එම්. අලි සබ්රි මහතා, කංචන විජේසේකර මහතා, චමල් රාජපක්ෂ මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ගයන්ත කරුණාතිලක මහතා, අනුර දිසානායක මහතා, රවුෆ් හකීම් මහතා, පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, ගාමිණී ලොකුගේ මහතා, සී. බී. රත්නායක මහතා, රිසාඩ් බදියුදීන් මහතා, විමල් වීරවංශ මහතා, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, මනෝ ගනේෂන් මහතා, දයාසිරි ජයසේකර මහතා, රෝහිත අබේගුණවර්ධන මහතා, ජී. ජී. පොන්නම්බලම් මහතා, එම්. ඒ. සුමන්තිරන් මහතා සහ සාගර කාරියවසම් මහතා යන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කොට තිබේ.