පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ 

    අගෝස්තු 13, 2022

    පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක  සභාව තීරණය කරයි - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ.

     පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ අගෝස්තු 29 වැනිදා - විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතයි...

     2021 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද විවාදය සදහා ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දින වෙන් කෙරේ... පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමාකොට ප.ව 12.30 සිට ප.ව 1.00 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    පසුගිය 10 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    මේ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා යළි රැස්වීමටත්, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පෙ.ව 9.30 සිට 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇති බවද මහලේකම්වරයා පැවසීය.

    එසේම පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය වී ඇත.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya