පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    විදුලි බිල ගෙවීම- සහන ලැබිය යුතු කණ්ඩායම් සම්බන්ධව රජයේ අවධානය

    අගෝස්තු 13, 2022

     


    ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී (12) ප්‍රකාශ කළේය.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ලද කරුණකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙසේද පැවසීය.

    විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් දිනක විවාදයක් අපි ලබාදි තිබෙනවා. ඒ වගේම දැනට රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරගෙන යනවා. එතකොට 30, 31, 01,02 යන දින වල බොහෝ දුරට රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන යම් පියවරක් ගන්නට. ඒ වගේම ඒ ගැන කටයුතු කරමින් පවතිනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya