මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරිණි. අද දින කොලඹ කොටුවෙන් ගමන් ආරම්භ කල මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8 කින් සමන්විත ය. කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතුවන අතර පලමු දෙවන සහ තෙවන පංතියේ ආසන වලින් දුම්රිය සමන්විත වේ.
දුම්රිය ගමන ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
''විදේශීය සංචාරකයින්ට පමණක් නොව දේශීය සංචාරකයන්ටත් විශේෂ අධි සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.අද එහි පළමු පියවර වශයෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය සේවයක් ආරම්භ කළා. අනුරාධපුරය, යාපනය, බෙලිඅත්ත වැනි ප්‍රදේශ වලටත් ඉදිරියේදී මෙවැනි සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රිය සේවයක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා.මෙම ඇල්ල ඔඩෙසි දුම්රියේ ඇති සුවිශේෂත්වය නම් මහනුවර සිට බදුල්ල දක්වා ඇති ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය මද වේලාවක් නවතා මඟීන්ට එම ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දීමයි. ඉදිරියට මෙවැනි සුවිශේෂී දුම්රිය වැඩසටහන් ආරම්භ කර සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට රුකුලක් වීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ හැකි වන බව මාගේ විශ්වාසයයි.''