මතුගම ශාන්ත මේරි ජාතික පාසලේ දී රැකියා වෙළඳ පොළ පෙ.ව.9.00ට ආරම්භ වෙයි. මේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහභාගීවීමට නියමිතය.
රැකියා වෙළඳපොළෙන් ලබාදෙන සේවාවන් මෙසේ ය.
1. මැදපෙරදිග හා මැදපෙරදිග නොවන රටවල ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා
2. වෘත්තීය නිපුණතාවයට වෘත්තීය පුහුණු ආයතන වල මගපෙන්වීම
3. විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම
4. විදේශ රැකියා අපේක්ෂිතයින් සදහා රාජ්‍ය බැංකු ණය පහසුකම්