අමාත්‍යවරයා මේ අදහස් පල කළේ, පසුගියදා පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි .
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, පොලොන්නරුව දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 100,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3ක් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 54,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 5 ක් ඇති බවය.
තමන් අද මෙම ස්ථාන වලට පැමිණියේ ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂයක් ලබා ගෙන මෙම ටැංකි පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බව අවධාරණය කරන ලදි.
දුම්රිය මඟින් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැයක් බව පැවසූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එලබෙන සතිය තුල මෙම ටැංකි පද්ධතිය නවීකරණය කලයුතු ආකාරය පිලිබදව සාකච්ඡා කරන බව ප්‍රකාශ කලේය .
තවද මෙම ටැංකි සියල්ලේ සිදුරු තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කල යුතු බවත් ඒ සදහා ඛනිජ තෙල් සංස්ථාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යයාධිකාරිවරයාට උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, දුම්රිය සාමාන්‍යයාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .