පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටළුවට විසඳුම් සොයා සාකච්ඡාවක්

    අගෝස්තු 15, 2022

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම් වළක්වාලීම සම්බන්ධව සාකච්ඡාවක් (13 දින) කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලයේ දී පැවැත්විණි .

     

    මේ වනවිට ශ්‍රී ලංකාවේ පළාත් 08ක පිහිටි දිස්ත්‍රික්ක 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලබල ප්‍රදේශ 131ක වන අලි - මිනිස් ගැටුම පවතින බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වීතිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය කරමින් විදුලිඅලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලය තුළ කාලයක්තිස්සේ පවතින බව මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

    එසේ වුවත් විදුලි අලි වැටඉදිකිරීම සඳහා ඇතැම් ගොවි සංවිධාන මෙන්ම ගොවින් ද විරෝධය පළ කිරීම නිසා විදුලිවැට තැනීම ගැටලුවක්ව පවතින බවත්, ඒ සඳහා ගෙන්වන ලද උපකරණ තවමත් නිසිප්‍රයෝජනයක් නොගෙන ඇති බවත් අනාවරණය විය.

    මේ ආකාරයෙන් දිවයින පුරාම පිහිටි වනජීවි කාර්යාලවල මෙවැනි විදුලි වැට සැකසීමටගෙන්වා ඇති උපකරණ නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ඇති බව තහවුරු වී තිබේ.

    මේ නිසා වන අලි - මිනිස් ගැටුම ලබන වසර තුළ අවසන් කිරීම සඳහා ගනු ලබන පියවරක්ලෙස සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමග සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතුබවත්, ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හාවනසම්පත් සංරක්ෂණ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

    එමෙන්ම වගාවන්ට හානි කරන සතුන් ලැයිස්තුවට වන අලි අන්තර්ගත වුවද ඔවුන්ආරක්ෂිත සත්ව කාණ්ඩයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී සංවර්ධනව්‍යාපෘති සකස් කිරීමේ දී වන අලින් බහුල ප්‍රදේශවල පිහිටි ඉඩම් ඒ සඳහා ලබා නොදීමටපියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට වනජීවි නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.

    වන අලි - මිනිස් ගැටුම නිසා මේ වනවිට දිවයිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගාහානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශයට පත්ව තිබේ. පසුගිය වසර තුන තුළ වන අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2019 අලි මරණ407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

    2022 වසරේ පළමු මාස 04 තුළ අලි - මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගලමරණ 34ක් වාර්තා වී තිබේ. එසේම මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්, වන අලිමරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ08ක් ද වශයෙන් වාර්තා වී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya