මෙම දේශපාලන කාර්යාලය ගිණි තබා විනාශ කිරීම නිසාවෙන් පසුගිය මාස තුන පුරාවටම අමාත්‍යවරයාට ප්‍රදේශයේ ජනතාව හමුවීමට හෝ ඔහුගේ දේශපාලන කටයුතු කරගෙනයෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණි.
ඒ හේතුවෙන් අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ දේශපාලන ආධාරකරුවන්ද පත්ව තිබුණේ මහත් අපහසුතාවයකටය. මෙම අවස්ථාවට සහභාගීවී සිටි මහජනතාව සඳහන් කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මෙම දේශපාලන කාර්යාලය හුදෙක්ම දේශපාලන කටයුතු සඳහාම භාවිතවූවක් නොවන බවයි. මෙම කාර්යාලය මගින් සතියේ දින පහේම ඉංග්‍රීසි හා ශිෂ්‍යත්ව පංති, ස්වයං රැකියා වැඩමුළු,සෞඛ්‍ය සායන, උපදේශන සේවා ඇතුළු විවිධ ප්‍රජාසේවාවන් රාශියක් නොමිලයේ ක්‍රියාත්මක කිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට මහඟු සේවයක් සැළසුණු බවද ඔව්හු සඳහන් කළහ.
එහෙත් මැයි මස 9 වැනිදා අමාත්‍යවරයාගේ නිවස හා දේශපාලන කාර්යාලය ගිණි තබා විනාශ කිරීම හේතුවෙන් එම සියලුම ප්‍රජාසේවාවන් නතරව තිබීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවයි
ජනතාව පැවසුහ. එබැවින් පක්ෂ දේශපාලනය පසෙක දමා මෙම දේශපාලන කාර්යාලය පිළිසකර කිරීමට තමන් පෙරමුණ ගත් බව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ජනතාව සඳහන් කළහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රාණි ලියනගේ මහත්මිය මෙසේ සඳහන් කළාය .
'' ප්‍රසන්න මහත්තයගේ මෙම නිවසත්, කාර්යාලයත් පැය 24ම දිවා රාත්‍රි ඕනම වෙලාවක මහජනතාව වෙනුවෙන් විවෘතව තිබුණු තැනක්. මෙතන කිසිම දේශපාලනයක් තිබුණු තැනක් නෙවෙයි. 77 දිත් මේ වගේම ප්‍රසන්න මහත්තයගෙ ගේ ගිණි තිව්වා. එතකො ප්‍රසන්න මහත්තය පොඩි දරුවෙක්. රෙජී මහත්තයා බොහොම පිරිසිදු දේශපාලනක් කළ කෙනෙක්. ප්‍රසන්න මහත්තයත් එහෙමයි. ඒ දෙන්නම පක්ෂ පාට නොබලා ජනතාවට සේවය කළ දෙන්නෙක්. 88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා කී දෙනෙක්ගෙ ජීවිත බේරුණාද. මේ ගිණි තියපු අයටත් ඒ ඉතිහාසය මතක ඇති. මේ ගිණි ගත්තෙ ප්‍රසන්න මහත්තයගේ දේපළ නෙවෙයි අපේ දේපළ.මේ දේශපාලන කාර්යාලයෙන් මොනතරම් ජනතා සේවයක් ඉටුවුණාද. ඒ නිසයි අපි ස්වේච්ඡාවෙන්ම ඇවිල්ලා මේ වැඩකරන්නේ. අපි හෙට අනිද්දා මැරිල යාවි. නමුත් අපේ දරුවන් වෙනුවෙන් මේ තැන ඉදිරියටත් තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි ප්‍රසන්න මහත්තයගෙන් ඉල්ලන්නේ ආපහු ඇවිල්ලා මේ ස්ථානයේ දේශපාලන කටයුතු ආරම්භ කරන්න කියල." මෙහිදී අදහස් දැක්වූ තිස්ස වීරවර්ධන මහතා මෙසේ පැවසීය.
''දේශපාලන කාර්යාලය කිව්වට මෙතන ප්‍රජාශාලාවක් වගේ තැනක්. මෙතන මහජන සේවයක් මිස දේශපාලනයක් කෙරුණේ නෑ. මම එහෙම කියන්නේ සතියේ දින පහේම ශිෂ්‍යත්ව, ඉංග්‍රීසි පංති, ස්වයංරැකියා වැඩමුළු වගේ ප්‍රජාසේවාවන් පැවැත්වූණා. ඒවට සහභාගිවුනේ අපේ දරුවෝ. සමහරවිට මේ ගිණි තියපු අයගෙ දරුවොත් ඒ සේවාවන් ලබා ගන්න ඇති. ගෙවල් ගිණි තිව්වා කියල ප්‍රසන්න මහත්තයගේ දේශපාලනය නවත්තන බෑ. ප්‍රසන්න මහත්තයා ජනතාවාදී දේශපාලනයක් කළ කෙනෙක්. ඒ නිසා ඒ දේශපාලනය නවත්තන අපි ඉඩ දෙන්නෙ නෑ. මේ කාර්යාලය නැවත ඉක්මනින්ම ආරම්භ කරල පෙර පරිදි ප්‍රජා සේවාවන් අරඹන්න කියල අපි ඇමතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලලනවා.''
දිමුත් කාරියවසම් මහතා මෙසේ පැවසීය.
''ප්‍රසන්න රණතුංග තමන්ගේ හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කළ කෙනෙක්. ඔහුගේ දේශපාලනය තුළ ජාතිවාදය,ආගම්වාදය තිබුණේ නැහැ. මැතිවරණයේදී ඔහු දේශපාලනය කළාට ඉන් පස්සෙ ඔහු සියලුම පාක්ෂිකයන්ට එකහා සමානව උදව් උපකාර කරපු කෙනෙක්. ඒ බව ගම්පහ දිස්ත්‍රික් ජනතාව දන්නවා. විශේෂයෙන්ම මෙම ස්ථානයේ පැවැත්වුණ සම්මන්ත්‍රණ, උපකාරක පංති
සේවාවන්ට සහභාගීවුණේ උපරිම සුදුසුකම් තිබුණු අය. ළමයින්ට, තරුණ,තරුණියන්ට පැහැබර අනාගතයක් හිමිවූණා. දැන් ඒ සියල්ලම නතරවෙලා. කුමන්ත්‍රණකරුවන් මේ ගෙවල් ගිණි තියල, කාර්යාලය ගිණි තියල පාඩම් ඉගැන්නුවේ ප්‍රසන්න මහත්තයට නෙවෙයි අපිට. අපේ දරුවන්ට තමයි නොමිලේ මැහුමක් ගෙතුමක්, ඉංග්‍රීසි අකුරක් ඉගෙන ගන්න අවස්ථාව නැතිවුණේ.
ප්‍රදේශයේ ජනතාව වශයෙන් අපි අද මෙතෙන්ට ආවේ මේ අපේ දේ නැවත පිළිසකර කරගන්න. මේ දේ අපේ. මේක අවශ්‍ය අපිටයි. ඒ නිසා අපි අතරමං නොකර අපි හදන මේ කාර්යාලයේ නැවත මහජන සේවාවන් ආරම්භ කරන්න කියලා ප්‍රසන්න ඇමතිතුමාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.''යැයිද පැවසීය.