පසුගියදා රත්නපුර නගරයේදී , රත්නපුර පතල් කර්මාන්තකරුවන්ගේ සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ මහා සංගමය සමග පැවත්වුනු විශේෂ හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.
එයට අමතරව ඉදිරියේදී QR කේතය හරහා මැණික් කර්මාන්තකරුවන්ට එම කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වෙතින්ද ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවටත් එහිදී එකඟ විය.
එමෙන්ම මැණික් කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින ගැටලු මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති මැණික් කර්මාන්තය මුල්කොට ගෙන රටේ අපනයන ආර්ථිකය වඩාත් බලගන්වන ආකාරය පිළිබඳවත්, පුළුල් කතිකාවක් සිදුකරනු ලැබීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරිනුත් එම අවස්ථාවට එක්ව සිටියහ