පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ විදෙස් ඇමති හමුවෙයි

    අගෝස්තු 15, 2022

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහි පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා හමු වෙයි

     

    දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා 2022 අගෝස්තු 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවිය.

    දශක පහකට අධික කාලයක් තිස්සේ සහ විශේෂයෙන් දුෂ්කර කාලවල දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථාවර සහයෝගය අමාත්‍ය අලි සබ්රි මහතා අගය කළේය.

     

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සමීප සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාමට උනන්දුව දක්වයි. ශ්‍රී ලංකාව සඳහා, විශේෂයෙන් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රවල සහ වත්මන් අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ප්‍රතිසාධන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාව නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ බහුවෙට් මහතා තහවුරු කළේය.

    අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ පියවරයන්ට සහාය වීම සහ වර්තමාන අභියෝගවලින් තිරසාර ලෙස ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya