පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර පළාත් සමාජ අසාධාරණයන් පිළිබඳ විමර්ශනය කිරීමේ විද්වත් කමිටු වාර්තාව එළි දැක්වේ

    අගෝස්තු 15, 2022

     

     

    නැගෙනහිර පළාත් සමාජ අසාධාරණයන් පිළිබඳ විමර්ශනය කිරීමේ විද්වත් කමිටු වාර්තාව එළි දැක්වීම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය

     

    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන් පිළිබඳ විමර්ශනය කිරීමේ විද්වත් කමිටුවේ වාර්තාව අද(15) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ''රට පුරාම පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් වී මේ වනවිට වසර 13ක් වන බවත් යුද්ධයෙන් පීඩාවිදි ජනතාව තවමත් සිටින බවත්, නැගෙනහිර පළාත විශාල අසාධාරණකම් වලට ලක් වූ පළාතක් බව ඒ ජන‍තාවම පවසන බව ද කීය.

    ඒ නිසා නැගෙනහිර පළාතේ ත්‍රස්ත්‍රවාදයෙන් පීඩාවිදි තවමත් සමාජ අසාධාරණකම් වලට ලක් වන ජනතාව වෙනුවෙන් විමසිලිමත්ව බලා ඒ අයට දීමට හැකි සාධාරණ විසදුම් පිළිබඳව සොයා බැලිම කළ යුතු යැයි තීරණය කර බව කී ආණ්ඩුකාරවරිය , දේශපාලන ,ආගමික හෝ ජාතින් වශයෙන් ඔවුන්ට වෙනස්කම් නොකරන බවද කිවේය.

    මහජන දිනයන් දිස්ත්‍රික්ක 03ම නොවරදවාම පවත්වන බවත් එහිදි විශාල වශයෙන් තමන්ට ඇති ප්‍රශ්න ජනතාව ගෙන එන බව කී ආණ්ඩුකාරවරිය, තමන්ගේ ඉඩම් අහිමු ,තමන්ගේ ඉන්න හිටින තැන් සම්පූර්ණයෙන්ම අහිමි වූ , ත්‍රස්තවාදය හෙතුවෙන් ගෙවල් අතහැර ගොස් නැවත එන විට වෙනත් පිරිස් තමන්ගේ නිවෙස් සහ ඉඩම් අයිතිකර ගෙන අසාධාරණයට ලක් පවූ පිරිස් සිටි බවද කීය.

    එම ප්‍රශ්න නිලධාරින් සමඟ සම්බන්ධ වී තනිවම විසඳනවාට වඩා එහා ගිය වැඩපිළිවෙලක් ලෙස මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටවක් පත් කළ බව කී ආණ්ඩුකාරවරිය, හිරු නැගෙන නැගෙනහිර සමාජ අසාධාරණයන් පිළිබඳ විමර්ශන කිරීමේ විද්වත් කමිටුව ලෙස එය නම් කළ බවද කීවේය.

    කමිටුව පත්කර වාර්තාව ලබා ගැනීමට වසරක කාලයක් ගත වූ බව කී එතුමිය,මෙම වාර්තාව ඉතාම ඉහළ මට්ටමකින් විශ්ලේෂණය කර සෑදු වාර්තාවක් බවත් එය මානව හිමිකම් කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත හොමු කීරීමට කටයුතු කරන බවද කීය.

    මේ අවස්ථාවට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලේකම් එල්.පී මදනායක මහතා ,කමිටු ලේකම් හෙලන් මිගමුල්ල මහත්මිය සහ කමිටු සමාජික ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya