පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පරිභාහිර රාජ්‍ය වියදම් සඳහා ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳේ

    අගෝස්තු 15, 2022

    රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි-ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.


    පරිභාහිර රාජ්‍ය වියදම් සඳහා ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳේ.


    “රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
    සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.
    ඒ අනුව, ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya