පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවෙන් ප්‍රදානය කළ ඩ්‍රෝනියර් වර්ගයට අයත් ගුවන් යානය ශ්‍රී ලංකාවට

    අගෝස්තු 15, 2022

    ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ ඩ්‍රෝනියර් වර්ගයට අයත් (INDO – 228) ගුවන් යානය අද (15) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිල වශයෙන් භාර ගනු ලැබීය

    ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසින් මෙම යානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිරිනැමීය.

    ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය මගින් ඉහළ නැංවෙන බව සහ ඩෝනියර් 228 ගුවන් යානය තිළිණ කිරීම මේ වෙනුවෙන් ඉන්දියාවේ නවතම දායකත්වය බව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ  කළේ ය.
    මෙම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගෝර්මඩේ මහතා, ජනාධිපති කාර්‍ය්මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya