මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    අස්වැන්න නෙලීමට අවශ්‍ය ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගොවීන්ට- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 16, 2022

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කටයුතු ආරම්භ කිරීමට හා අස්වැන්න නෙලීමට අවශ්‍ය ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඊයේ (15) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පවසා ඇත. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වාරිමාර්ග, ක්‍රිඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරුන්ද එක්විය.

    එමෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල හා වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාබදව ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඉන්ධන ගබඩා කර ගොවීන්ට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස දැන්වීය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පරිහරණය ක්‍රමවත් කරන වැඩපිළිවෙල යටතේ අනවසර ලෙස වගාකටයුතු කරන්නන් සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙසද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දුම්ර්ය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කැබලි 1248 මෙලෙස අනවසරයෙන් වගා කටයුතුවලට යොදා ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

    තවද විදේශීය ආධාර මත ක්‍රියාත්මක වාරිමාර්ග ව්‍යාපෘතියන් සඳහා අවශ්‍ය ඉන්ධන ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ බාධාවකින් තොරව ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, දුම්රිය සාමාන්‍ය අධිකාරි, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya