අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
කොවිඩ් වසංගතය සහ රට තුළ පැවති ඉන්ධන අර්බුධය හේතුවෙන් සිසුන්ට විශාල පාසල් දින ගණනක් අහිමි විය.
විශේෂයෙන්ම පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මේ හේතුවෙන් විශාල අසාධාරණයක් වූ බවත් බලධාරින් සහ අධ්‍යාපන විශේෂඥයින් මේ පිළිබඳ විවිධ වැඩමුළු සිදු කරමින් මේ පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.