අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.
මෙරට සිසුන් 30,000 ට අධික ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා වසරකට විදේශ ගත වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙලෙස විශාල වශයෙන් විදේශ විනිමය වියදම් කරමින් ඉන්දියාව, නේපාලය , පක්ස්ථානය වැනි සංවර්ධනය වෙමින් පවතින රට වලට පවා උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වන බව අමාත්‍යවරයා කීය.
රට තුළ ඩොලර් අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ ඩොලර් මිලියන 02 ට අධික මුදල් ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සඳහා මෙලෙස විදේශ රටවලට යැවෙන බව අමාත්‍යවරයා කීය.
රටින් පිටට යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහාත්, විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් ලෙසත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට පිහිට විය යුතු යැයිද අමාත්‍යවරයා කීය.