අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.
ඒ අනුව ප්‍රවාහන කොමිසම මගින් ක්‍රියාත්මක කරන සහණ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන සිසු සැරිය බස් තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.
තවද, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ නව බස්රථ 800ක් ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිළි කළේය. තවද අශෝක් ලේලනඩ් සමාගම විසින් මෙරටට ගෙන්වීමට සැළසුම් කළ පාසල් බස් රථ 80ක් ඇති බවත් කොළඹ නගරය ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම පාසල් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇතැයිද කීය.
නමුත් තාක්ෂණික කමිටුව මෙම ව්‍යාපතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් අනුමැතිය ලැබී නොමති බවත් එම ප්‍රමාදය පිළිබඳව තමා සෙයා බලන බව ද කීය.