අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ද්‍රවිඩ සංවිධාන 06කට පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා බව පැවසුවේ ය.
1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ විධිවිධානවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍රස්තවාදි හා ත්‍රස්තවාදී නොවන සංවිධාන සම්බන්ධයෙන් පත් කිරීම හා ඉවත් කිරීමේ කටයුත්ත කරන බව කී අමාත්‍යවරයා, මේ සම්බන්ධව ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයිද කීය.
පසුගිය කාල සීමාව තුළ තහනම් කළ ජාත්‍යන්තර දමිළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙන බව කී අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මුති 1373 යටතේ අසාදු ලේඛණ ගත කර ඇති ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය , ගෝලීය දෙමළ සංසදය , ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව , ද්‍රවිඩ ඊළාම් ජනතා සංමේලනය , කැනේඩියානු දෙමළ කොංග්‍රසය , බ්‍රිතාන්‍ය දෙමළ සංසදය යන සංවිධානවල තහනම මෙලෙස ඉවත් කළ බවද පෙන්වා දුන්නේය.
පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙම සංවිධාන වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව කරන ලද අධ්‍යයනයන් මගින් ඉදිරිපත් වූ නිර්දේශ වලට අනුව මෙම තහනම ඉවත් කර ඇති බව කී අමාත්‍යවරයා,අන්තර් ජාතික ප්‍රඥප්තීන්ට හා පිළිගැනීම් වලට අනුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ගෞරව කිරීමක් ලෙස අඛණ්ඩ විමර්ශන වලින් පසුව එවැනි තහනම් ඉවත් කරන බව ද කීවේය.
එසේම අළුතින් සංවිධාන 03ක් අසාදු ලේඛනයට එක් කර ඇති බවත් ඒවා රජයේ ගැසට් පත්‍රවල සඳහන් වන බවත් අමාත්‍යවරයා කීය.