2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් ලංකා පොහොර සමාගමේ (15) පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම බෙදාහැරීම සංකේතවත් කරමින් අමාත්‍යවරයා අදාළ යූරියා තොගය ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතාට එහිදී භාර දී තිබේ.
ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් ඊයේ දීනය තුළ යාපනය දිස්ත්‍රික්කය වෙත යැවීමට ලංකා පොහොර සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කටයුතු සූදානම් කර ඇත.
ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000 බෙදා දෙන විට යාපනයේ වී අස්වනු නෙළමින් පැවති බැවින් එම ගොවි ජනතාවට යුරියා පොහොර යල කන්නයේ දී ලබා නොදුන් අතර යාපනයේ ජනතාවට කෘතගුණ දැක්වීමක් වශයෙන් මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම ඔවුන්ට යුරියා පොහොර ලබා දෙන ලෙස අමාත්‍යවරයා තීන්දු කර තිබේ.
එම පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක මුදලක් ලබා දීමට එකඟතාවය පළ කළ බවත් ඒ යටතේ මහ කන්නය ආරම්භයේ දීම අවශ්‍ය යුරියා පොහොර ගොවීන්ට ලබා දීමට අපිට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා ඒහිදී පෙන්වා දුන්නේය.එසේම ලබන මහ කන්නයෙන් පසු මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්නොමැති බවත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රටේ නිපදවා ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ගොවි ජනතාවට ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ළඟාවීමට නියමිතය.