2022/23 මාස් කන්නයේ බඩඉරිඟු වගා කරන සියලු ගොවීන්ට යුරියා පොහොර ලබා දීමටකෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බැවින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවමගින් එම ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීම සඳහා විශේෂ යෙදවුමක් සකස් කර තිබේ.
එසේම 2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවි ජනතාවට යුරියා පොහොරලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් 10000ක මුදලකට බඩ ඉරිගු ගොවීන් සඳහාද ලබා දේ.
මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට කිසිදු ප්‍රමාදයකින් හා ගැටලුවකින් තොරව යුරියා පොහොර ලබා දීමේ අරමුණින් මෙම ඔන්ලයින් ලියාපදිංචි කිරීම සිදු කරන බවගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්නමහතා සඳහන් කරයි.
2022/ 23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්මඅමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන අතර අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගලහා හම්බන්තොට දිස්ත්‍රික්ක ප්‍රධාන කොට බඩඉරිඟු වගාව සිදු කිරීමට නියමිතය.