එම වාර්තාව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට පිළිගැන්වීය.
එම පුරාවිද්‍යා ස්ථානයේ තිබූ පැරණි ගොඩනැගිලි, වැව් , ස්තූප සහ ආසනඝර ඇතුළු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් තවත් තොරතුරු රාශියක් මෙම වාර්තාවට ඇතුළත් වී තිබිණි.
කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වඩමුනේ ග්‍රාම සේවා වසමේ පිහිටි නෙළුගල පුරාවිද්‍යා ස්ථානය අක්කර 2000ක භුමි ප්‍රමාණයක පැතිර තිබේ.
ඒ අනුව, දැනට සිදු කරගෙන යන පුරාවිද්‍යා කැණිම් ඉදිරියටද සිදු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය. ඊට අමතරව අදාළ පුරාවිද්‍යා ස්ථානයට අයිති ඉඩම සති දෙකක් තුළ මායිම් ගල් අතුරා වෙන් කර අවසන් කරන ලෙසද අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගි වි සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට නියෝග කළේය.
මේ අතර එම පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කර හැකි ඉක්මනින් දෙස්විදෙස් සංචාරකයන්ට වන්දනාමාන කිරීමට අවශ්‍ය වපසරිය සකස් කර දෙන ලෙස පළාත් ආණ්ඩුකාවරිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.
මේ අවස්ථාවට පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන්, රාජ්‍ය අමාත්‍ය ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.