කැළනිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් හට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩ සටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් නව නිවාස 120ක් කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතී. තෝරාගත් නිවාස අහිමි පවුල් වෙනුවෙන් නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් මෙම නිවාස සංකීර්ණය තුලින් හිමිවේ.
මෙහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ඉදිකිරීම් නිරීක්ෂණයට එක් විය.
එහිදී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් අදල නිළධාරීන්ට ලබා දෙන ලදි. මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සමඟ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.