පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් වාර්තා කඩිනමින් ලබාගන්න කාර්යාංශය පොලිසියට පරිගණක පරිත්‍යාග කරයි

    අගෝස්තු 19, 2022

    විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන පොලිස් නිශ්කාශන වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පරිගණක 10ක් පරිත්‍යාග කරන ලදී.

    දකුණු කොරියාව, ඊශ්‍රායලය ඇතුළු තවත් රටවල රැකියා සඳහා යාමේදී පොලිස් නිශ්කාශන වාර්තාව අනිවාර්ය වන අතර, එය ලබාගැනීම ප්‍රමාදවන හෙයින් කඩිනමින් එම වාර්තා ලබාගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එහිදී පරිගණකවල හිගකම හේතුවෙන් පොලිස් වාර්තා ලබාදීම ප්‍රමාදවන බව දන්වා සිටි අතර, එයට විසඳුමක් ලෙස කාර්යාංශය විසින් මෙම පරිගණක පොලිස් දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කර තිබේ.

    මෙම අවස්ථාවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිත ලී මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහකාර පොලිස් අධිකාරීවරුන් වන රොහාන් ඕලුගල හා ජයරත්න යන මහත්වරුන්ද, කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ) ඒ.කේ.යූ.රෝහණ හා අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් ශාන් යහම්පත් යන මහත්වරුන් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya