මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ගමන් කරන මගී ප්‍රවාහන බස්රථවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
දැනට සාමාන්‍ය පරිදි මුදල් ගෙවා බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මගීන්ට ගමන් කිරීමේ පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සාමාන්‍ය ඩෙබිට් කාඩ්පතක් ලෙසම ක්‍රියාකරන මෙම කාඩ්පත පෙර ගෙවීම් ක්‍රමයට අවශ්‍ය මුදල් තැම්පත් කර එමගින් ගමනට අදාල මුදල් ගෙවීමේ හැකියාව මගීන්ට හිමිවේ. ඉතා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් ලෙස දේශීය රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව හරහා දැනට මෙම කාඩ්පත ලබාගැනීමේ හැකියාව පවතින අතර දැනට පාවිච්චි කරන කාඩ්පත් සඳහාද මෙම ගෙවීම් පහසුකම ලබා ගත හැක.
අද ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියෙන් හඳුනා ගන්නා දෝෂ සහ ගැටළු කිරාකරණය කර අවශ්‍ය වැඩිදියුණු කිරීම් සහිතව ඉදිරියේදී මෙම පෙරගෙවීම් කාඩ්පත් ක්‍රමය දිවයින පුරා සියළුම මගී ප්‍රවාහන බස්රථ සඳහා මෙන්ම දුම්රියෙන් ගමන් කිරීම සදහාත් යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මෙහිදි අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්,ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති, ලංගම සභාපති,මහජන බැංකුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.