නව පනතෙහි අන්තර්ගත කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා වු අතර පනත කඩිනමින්සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය විය.
දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමින් නව පනත සකස් කිරීමසිදු කෙරෙන අතර, මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තාපෙරේරා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යනමහත්ම මහත්මීන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීතිකෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියේය.