ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදුකරන බැවින් www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුලත් කර ලියාපදිංචි විය යුතුය. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
2022.08.15 සිට 2022.08.31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර ඇත. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියකුගේ සහය ලබා ගත හැකි බව වැඩි දුරටත් ඔහු දැනුම් දෙයි.