ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලැබේ.යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය පසුගිය 18 වැනිදින සිට ආරම්භ කෙරිණි.
මේ වන විට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් පසුගිය 18 දින තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.
එසේම (19) දිනය තුළ වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩි කරන ලෙස අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් ලබා දී තිබේ.එ් අනුව ගබඩා 75- 100 දක්වා ප්‍රමාණයක් එම දිනය තුළ විවෘත කර තැබීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.එමෙන්ම වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීම ද ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැළසුම් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ PMB Rice සහල් නිෂ්පාදන කටයුතු ඉදිරි කාලය තුළ පුළුල් කිරීමටත් වී අලෙවි මණ්ඩලයට සැළසුම් කර තිබේ.