ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීමද මෙහිදී අවධානයට යොමු විය.
UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙයි. සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් UNDP ආයතනය වෙන්කර ඇත. මෙයට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.