වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,අප රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව පුද්ගලයින්ට වෘත්තිය සමිති සංවිධානය වීමට,පිකටීක් කිරීමට, උද්ඝෝෂණය කිරීමට,සාමකාමි ලෙස හැසිරීමට සම්පුර්ණ නිදහස තිබෙන බවත්,එසේ වුවද පසුගිය දා සිදු වු ප්‍රචණ්ඩකාරි වාතාවරණය හමුවේ සංවිධානාත්මකව ඉලක්ක ගත කර මහජන මන්ත්‍රිවරැන් 72කුට නිවාස අහිමි කර බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදිව පත් වු රජයක් කුමන්ත්‍රණයක් මඟින් පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් කිරිමේ සැකය පදනම් කොට ගෙන වැඩිදුරටත් පරික්ෂණ සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවය.