අමාත්‍යවරයා බව පැවසුවේ ,අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මීට පෙර නිවේදනයක් නිකුත් කර ඇති බව කී අමාත්‍යවරයා, මේ පිළිබදව www.dfe.lk යන වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද කීය.
වාණිජ හෝ ජාතික ඉතිරි කිරිමේ බැංකුවක ගිණුමක් විවෘත කර විදේශ ව්‍යවහාර මුදල් ප්‍රශ්න කිරිමකින් තොරව බැංකුවට ලබා දී මුදල් ගැනීමට හැකියාවක් ඇති බවත් එය එක්වරක් පමණක් ලැබෙන විසදුමක් බවද අමාත්‍යවරයා කීවේය.
නේවාසිකයෙක් මෙරටේ රැදි සිටිනවා නම් ඔහුගේ අත විදේශ ව්‍යවහාර මුදල් ඇත්නම් ඔවුන්ටත් මෙම සමාකාලයේදී මුදල් හුවමැරු කරගත හැකි බව කී අමාත්‍යවරයා, මුදල කුමක් වුවත් විදේශ විනිමය තිබෙනවා නම් මුදල් කර ගැනීමට හෝ ගිණුම්ගත කිරිමට මෙම සමාකාලයේදී හැකි බව කීය.