වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ( අගෝස්තු 21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ.
ඒ අනුව දින 4ක් තුළ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1126ක් මිළදීගත් බව එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.
(21) දිනය තුළ ද වී අස්වනු නෙළන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිළදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතී.