පවතින පවත්නා සංඥා ක්‍රමවේදයට අනුව කැලණි මිටියාවතේ ඇතැම් ස්ථාන වල දුම්රියක් එම මාර්ගයට ඇතුළ් කිරීමට නම් විනාඩි 28 කට පෙර කළ යුතු වන බවත්, එක් දුම්රියක් එම මාර්ගයට ඇතුළ් කළ හැක්කේ එක් දුම්රිය ස්ථානයකට ගමන් කිරීමෙන් පසු බවත් මෙහි දී ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, කැළණි මිටියාවතේ දුම්රිය මර්ගයේ විනාඩි 8 කට වරක් දුම්රියක් ධාවනය කල හැකි වන ආකාරයට සංඥා පද්ධතිය දියුණු තත්ත්වයට පත් කිරීමට මාස තුනක කාලයක් තුළ නිම කිරීමට තමන් උපදෙස් දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙම කටයුත්ත මේ වන විට ආරම්භ වී ඇති අතර ඒමේ නිසා අනාගතයේ දී කැළණි මිටියාවතේ දුම්රිය මාර්ග පද්ධතියේ විනාඩි 08 කට වරක් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බවත්, එවැනි කටයුතු වලට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලබා ගැනීමට අවශ්‍ය කොන්ත්‍රාත් රාජ්‍ය අංශයේ ආයතනයකට පිරිනැමීමට කටයුතු කරන බවත් ඒ සඳහා වූ යෝජනාවට ඊයේ (22) කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.