ඒ අනුව, ආනයනික සම්බා සහල් කිලෝවක මිල රු.21 කින්, ආනයනික නාඩු සහල් කිලෝවක මිල රු.02 කින්, හාල්මැස්සන් කිලෝවක මිල රු.25කින්, රතු පරිප්පු කිලෝවක් මිල රු.25 කින්, දුඹුරු සීනි කිලෝවක් මිල රු.02 කින් වශයෙන් මිල අඩු කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම, මෙම වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක මිල අඩු කිරීමට හැකි ව තිබෙන බව පැවසූ සභාපතිවරයා, ජනතාවට වඩාත් උපරිම සහන ලබා දීමට සතොස වෙතින් කටයුතු කරන බවත්, භාණ්ඩ සැපයුම සැලකිල්ලට ගෙන ඉදිරියේ දී තවත් ආහාර වර්ග වල මිල ගණන් අඩු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.