ආයනයනික රටකජුවලට වඩා මෙරට රටකජු ප්‍රභේදය වඩා ගුණාත්මකභාවයෙන් ඉහළයි. එම නිසා ශ්‍රී ලංකා ජම්බෝ රටකජු නිසා මින්පසු රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම, වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මිද්දෙනිය තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙළීමේ වැඩ සටහනට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ජම්බෝ රටකජු ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. ඉහළ අස්වැන්නක් සහිත වීමත්, මිනිසුන්ට අවශ්‍ය දෛනික ප්‍රෝටීන ප්‍රමාණයෙන් සියයට 29ක් මෙම රටකජු ආහාරයට ගැනීම නිසා සපයා ගත හැකි බවත් මෙම ප්‍රභේදය හඳුන්වා දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. දැනට මස් හා මාළු මිල ගණන් ඉහළ යාම නිසා ජනතාවට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ අපහසුතාවයක් පවතී. නමුත් රටකජුවල අවශ්‍යතරම් ප්‍රෝටීන් අන්තර්ගත නිසා එම අඩුව සපුරා ගත හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ආහාර භෝගයක් ලෙස වගා කරන රටකජු මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවය ඉක්මවා වගා කර තිබේ.
අප රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙ.ටො. 30,000කි. නමුත් මේ වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න ප්‍රමාණය මෙ.ටො.64,000ක් ඉක්මවා ඇත.
මිද්දෙනිය තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙළීමේ අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ලංකා ජම්බෝ නැමැති නව රටකජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී තිබෙනවා. දැනට pජම්බෝ පීනට්ස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ, අපේ රටේ නිෂ්පාදිත ප්‍රභේදයයි. එබැවින් මෙතෙක් විදේශ රටවලට ඇදී ගිය විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද අපිට හැකි වී තිබෙනවා.
රටකජු අමතර අස්වැන්න යොදා ගැනීම මඟින් ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා කටයුතු යොදන ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නා. විශේෂයෙන් සිරුරට හිතකර රටකජු තෙල් හා රටකජු බටර් නිෂ්පාදන වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසත්, තවදුරටත් රටකජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගත හැකියි.
එමනිසා මින්පසු අපි රටකජු ආනයනය කළයුතු නෑ. අපිට දැන් රටකජු දෙගුණයක අස්වනු ලැබී තිබෙනවා. මෙම භෝගය ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙසත් මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
වැඩි මේද (48 %) හා ප්‍රෝටීන් (26 %) ප්‍රමාණයක් අඩංගු නිසා ශක්තිය ලබාදෙන ආහාර අතර රටකජුවලට ප්‍රධාන තැනක් හිමිවේ.