යල කන්නයේ කුඹරු හෙක්ටයාර 248,000ක් වගා කිරීමට හැකි බව ගොවීන් පවසා සිටියද මේ වන විට කුඹුරු හෙක්ටහාර 512,500ක් වගා කර ඇති බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
ලබන වසරේ පෙබරවාරි මස වන විට මහ කන්නයේ අස්වැන්න ලැබෙන බැවින් පිටරටින් සහල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට හැකිවන බවත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය කිරීමට හැකි වන බවත් මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරියේදී හෙක්ටයාර 110,000 ක ප්‍රමාණයක බඩඉරිගු වගාකිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම පැවසීය.සත්ව ආහාර හිඟයට ඉන් පිළීයම් ලැබෙන බවත් හෙතෙම කීය.
එසේම මුංඇට , කවුපි සහ රටකජුවලින් ස්වයංපෝෂිත වී ඇති බවත් මේ වන විට ජම්බෝ රටකජු නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.මේ වන විට මහ කන්නයේ යූරියා පොහොර ලබා ගැනීම සඳහා ගොවීන් 46,000ක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම තේ වගාවට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටෛාන් 15,000ක් වැවිලි අමාත්‍යංශයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.ඉන්දියාවෙන් ලද පළමු පොහොර තොගය තත්වයෙන් බාල බව ඇතැම් පුද්ගලයන් සහ ගොවි නියෝජිතයන් පැවසුවද එම පොහොර තොගය ගුණාත්මක බවින් ඉහළ බව අමාත්‍යවරයා පැවසීය.එසේම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව මෙම පොහොර තොගය ලබා ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.