ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී, නව විදුලි ත්‍රිරෝද රථ ආනයනය සහ පවතින ත්‍රි රෝද රථ විද්‍යුත්කරණ නියමු ව්‍යාපෘතිය පිළිබඳව වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
මෑත කාලයේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා කෙටිකාලීනව ක්‍රියත්මක කල හැකි ක්‍රමවේද අනුගමනය කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම මෙහි දී සැල කරන ලදුව ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් අඩු වියදම් ප්‍රවාහන ක්‍රම පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කළ හැකි කෙටිකාලීන ව්‍යාපෘති හඳුනාගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දරණ විටෙක මෙම ව්‍යාපෘතිය මඟින් ත්‍රිරෝද රථ විද්‍යුත්කරණ සඳහා නව පියවරක් තැබීමට ගත් උත්සහයක් බව මෙහි දී ලේකම් වරයා විසින් සඳහන් කරන ලදී.
මෙරට මිලියන 22 ක ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා දැනට භාවිතා වන ලියාපදිංචි කළ වාහන මිලියන 8.4 ක් පමණ වේ. ඉන් මෙරට ලක්ෂ 14 ක් පමණ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ තිබෙන අතර එයින් ඍජු රැකියා ලෙස කුලී රථ සේවාවේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 05 කට ආසන්න වන අතර අර්ධ කාලීනව රැකියාවක් ලෙස ත්‍රිරෝද රථ ධාවනය කරන්නන් ලක්ෂ 03 ක් පමණ වේ.
මේ නිසා විශාල ඉන්ධන ප්‍රමාණයක් දහනය වන අතරම විදේශ විනිමයක් ද වැය වේ. ප්‍රවාහනය රටක ජාතික ආර්ථිකයට ඉතාම වැදගත් සාධකයක් වන බවත් ඒ අනුව පොදු ප්‍රවාහනය දියුණු කිරිමටත්, පොදු ප්‍රවාහනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් රජයක් විසින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ මහතා මෙහි දී සඳහන් කල අතර මෑත කාලයේ මෙරට ඇති වූ ඉන්ධන අර්බුදයත් සමඟ එදිනෙදා ගමනාගමන කටයුතු වලට සිමාවන් පැන නැඟීම, ඉන්ධන දහනය නිසා වායු දූෂණය වැඩි වීමත් එමඟින් රට තුළ සෞඛ්‍ය ප්‍රශ්න මතු වීමත් යන කරුණු ද සැලකිල්ලට ගෙන එම ගැටළුවලට අවශ්ය් නිසි විසදුම් ලබා දීමට යම් යම් විධිමත් ක්‍රම අනුගමනය කරනු ලබන බවත්, මේ පිලිබඳව අධ්‍යනය කරනු ලැබූ විද්‍යාඥයින්ගේ මතය හා පරීක්ෂණ වල ප්‍රතිඵලය වී ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ධාවනය කළ හැකි වාහන හඳුන්වාදීමට කටයුතු කිරීම බව ද ඒ මත මෙහි දී අවධාරණය කළේය.
ලොව බොහෝ රටවල් විද්‍යුත් වාහන හඳුන්වාදීමේ ව්‍යාපෘතීන් සිදු කරමින් තිබෙන යුගයක එහි පළමු පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ විද්‍යුත්කරණයට ලක් කිරීමට ප්‍රවේශ වන බව ලේකම්වරයා විසින් මෙහි දී ප්‍රකාශ කළේය.
ලංකාව තුළ ඊට අවශ්‍ය නිපුණතාවයන් ලබා දිය හැකි මානව සම්පත් මෙන්ම අවශ්‍ය තාක්ෂණය ද තිබෙන බවත් සඳහන් කල හෙතෙම මෙරට තුළ විදුලි වාහන නිෂ්පාදනය කිරීම හෝ එකලස් කිරීම සඳහා මාධ්‍ය කාලින ව්‍යාපෘතීන් ලෙස හඳුන්වා දීමට කටයුතු කරනු ලබන බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් පළමුව ත්‍රිරෝද රථ විද්‍යුත් කරණයට ලක්කොට ඉන්පසු අනිකුත් පෞද්ගලික මෝටර් රථ වලට සහ පොදු ප්‍රවාහනයට ද ක්‍රියාත්මක කෙරෙන බවත්, විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පිරිවිතරයන් ද සකස් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත විරසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩි. කුසලානි ද සිල්වා, සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (කාර්මික) එච්. යූ.කේ ජයම්පති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.