රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පළාත් 9ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා පුද්ගලයන් පුහුණූ කිරීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මෙම පුද්ගලයන් තමාගේ පළාතේ සංචාරක ආකර්ශන ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සැළසුම සකස් කයුතු බවත් එම සැළසුම පසුව ජාතික සැළසුමක් ලෙස ක්‍රියාත්මක කෙරන බවත් හෙතෙම කියා සිටී.වසර 2027දී සංචාරකයන් මිලියන 3ක් ශ්‍රී ලංකාවට ගෙන එමින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ආදායමක් ලබා ගැනීම අරමුණ වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ගුවන්යානාවල ආසන වෙන් කිරීමේ ධාරිතාවය ඉහළ නංවා ගැනීමට සාකච්ඡා කෙරෙමින් පවතින බවත් සංචාරක ප්‍රවර්ධනය පමණක් නොව සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන්යානා පහසුකම් වැඩිදියුණු කිරීමද සිදු කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය. මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යානා 31න් 21ක් පමණක් ධාවනය වන බවත් ඉදිරියේදී ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකි බැවින් මෙම ඉන්ධන ලබා ගනීමේ ගැටලුවක් ඇති නොවනු ඇති බවත් හෙතෙම කියා සිටී.
සංචාරක කර්මාන්තය සඳහා තාක්ෂණය භාවිත කරමින් එහි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව මෙම සාකච්ඡාවට එක් වෙමින් සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව සංචාරකයන් සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකාවේ තොරතුරු සහ ගමනානන්තයන් ඇතුළත් යෙදවුමක් සකස් කිරීමට අවධානය යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.
තාක්ෂණික සංස්කෘතියක් ආරම්භ කරමින් සංචාරක කර්මාන්තය ගමට රැගෙන යමින් ගම් මට්ටමින් ජනගත කිරීම මෙහි එක් අරමුණක් වන බව පවසන ලේකම්වරයා එසේම සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් ගමෙන් සළසා දෙමින් ගම්වාසීන්ට ඉන් ආදායම් මාර්ග සකසා දීම සිදු කළ හැකි බවද හෙතෙම පෙන්වා දේයි .මේ සඳහා ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී කර ගනිමින් පුහුණූ වැඩසටහන් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.