එම අමද්‍රව්‍ය ලබා ගැනීම සඳහා බාධාවන කිසිදු කටයුත්තක් රජය සිදු නොකරන බවට අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අද(31) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට කර්මාන්ත අංශයේ ආයෝජන ඉතා අඩු බවත් එය රටේ අවාසනාවක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට දියුණු කළ හැකි , ඛනිජ වැලි වැනි කර්මාන්ත රාශියක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අතුරු අයවැයේදී අවධානය යොමු කර ඇති බවත් පෙන්වා දුන්නේය.
අද වනවිට ඇතැම් අධි සුඛෝපභොගී භාණ්ඩ සඳහා වාරණයක් ඇති කර ඇති බවත් ඩොලරය පාලනය කර ගැනීමට මෙම තීන්දු තීරණ ගත් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ අනාගතය වෙනුවෙන් මෙවැනි දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වූ බවද කීය.
මෙවර අයවැය ජනප්‍රිය නොවන අයවැයක් බවත් ජනතාව මත යම් බරක් ඒක් වන අයවැයක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්තිය වූ බදු අඩු කිරීම, රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම වැනි තීරණ නැවත ආපසු හැරවීමට සිදු වූ බවත් කීය. 2019 වර්ෂයේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත , වැට් බදු අඩු කළ බවත් අද වන විට එය වැඩි කිරීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා කීය. අද වන විට මෙරට බදු ගෙවන පිරිස ඉතා අවම මට්ටමක පවතින බවත්, රුපියලක් හෝ බදු ගෙවා ඇත්තේ සමාගම් 16,000ක් පමණක් සහ පුද්ගලයින් වශයෙන් ගත් කළ 32,000ක් පමණක් බවත් කීය.
එබැවින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම අයුරින් කටයුතු කළ යුතු බවත් මෙම ආයතන සඳහා පරිගණක සහ තාක්ෂණික ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙරට පැවති ඉන්ධන මාෆියාව QR ක්‍රමවේදය නිසා එක රැයින් බිඳිමට හැකි වූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය. එබැවින් ජනාතාවට පීඩාවක් නොවන පරිදි වැඩාත් කාර්යක්ෂම බදු ක්‍රියාවලියක් අවශ්‍ය බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් රජය අවධානය යොමු කර ඇතැයිද කීය.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කළ යුතු බවත් , එමගින් මෙරටට තවත් රුපියල් බිලියනයක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.