" ලෝකයේ වාර්ෂිකව 10 % ත් 15 %ත් ප්‍රමාණයකින් ඉහළ යන පොල් ඉල්ලුමට උපරිම දායකත්වයක් ලබාදිය හැකි අයුරින් අපගේ පොල් නිෂ්පාදනය වැඩිකරගැනීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ' ගෙදරට පොල් ගෙවත්තෙන් ' සංකල්පය හරහා රටපුරා ආරම්භ කළ සෑම නිවසකටම ගුණාත්මයෙන් ඉහළ දෙමුහුන් ප්‍රභේද පොල් පැළ 2 ක් ලබාදීමේ වැඩසටහන අප කඩිනමින් නිමා කරනවා "යැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ, 2022 වසරේ ජාත්‍යන්තර පොල් දින සැමරුම වෙනුවෙන් ගාල්ල බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති උත්සව අවස්ථාවට ( සැප්තැම්බර් 2 ) උදෑසන එක්වෙමිනි.
ජාත්‍යන්තර පොල් ප්‍රජාව (International Coconut Community) පිහිටුවීම නිමිති කොට ගෙන සෑම වසරකම සැප්තැම්බර් 2 වන දින සැමරෙන ලෝක පොල් දිනයේ ජාතික වැඩසටහන පොල් වගා කිරීමේ මණ්ඩලය , පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව සංවිධානය කොට තිබුනි.
එහිදී පොල්වගා කිරීමේ මණ්ඩලය ක්‍රියාත්මක කළ “ කප්රුක අභිෂේක -2022 ” ජාතික වැඩසටහන් තරගයේ ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රාහකයන් හට තිළිණ සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත් , පොල් වගාකරුවන් සඳහා පොල් පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදිත දෙමුහුම් වර්ගයේ පොල් පැළ හා සහනාධාර චෙක්පත් ලබා දීමත් , පොල් සංවර්ධන අධිකාරීය මඟින් පොල් කර්මාන්තරයේ නියැළී සිටින ව්‍යවසායකයින් සඳහා යන්ත්‍රෝපකරණ ලබා දීමත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව අද දිනය තුල තත්වයෙන් උසස් පොල් පැළ 40,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පොල් වගාකරුවන් වෙත බෙදා දීමත් දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය කාර්යාය මට්ටමින් පොල් වගාවේ ඵලදාව වැඩි කිරීම , වගා නඩත්තුව, රෝග පළිබෝධ හා වන සත්ව හානි පාලනය ආදිය විදහා දැක්වෙන ක්ෂේත්‍ර වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වීමත් සිදු කෙරිණි..
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
" 2020 , 2021 වර්ෂයන්හි කොරෝනා අර්බුදය හමුවේ පවා මෙරට වැවිලි කර්මාන්තය ආශ්‍රිත අපනයන ආදායම ඉතා ඉහළ මටටමක තිබුනා. 2021 වසරේ පමණක් වැවිලි කර්මාන්ත ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් බිලියන හතරකට ආසන්නයි. ඉන් තේ
සදහා ඩොලර් බිලියන 1.3 ක් , රබර් සදහා ඩොලර් බිලියන 1.1 ක් වනවිට පොල් වලින් ලැබුනෙ ඩොලර් මිලියන 840 ක් පමණ ප්‍රමාණයක්. එයට හේතුව ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක්ම වැයවෙන්නෙ දේශීය පාරිභෝජනය සදහා වීමයි. එහෙත් ලෝකය ගත්විට පොල් ගස ආශ්‍රිතව සිදුකෙරෙන බොහෝ නිෂ්පාදනයන්ට පවතින ඉල්ලුම දිනෙන් දින වැඩිවෙන්නක්. ඒනිසා අපට හොද අපනයන විභවයක් පොල් කර්මාන්තය ආශ්‍රිතව තිබෙනවා.ඒ අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ගෙදරට අවශ්‍ය පොල් ගෙවත්තෙම නිපදවීමටත් , පොල් පාරිභෝජනයේදී සිදුවන නාස්තිය අවම කිරීමටත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙනවා. එහිදී අප සෑම ගෙවත්තකටම ගුණාත්මයෙන් ඉහල දෙමුහුන් පොල් ප්‍රභේද පැල 2 බැගින් ලබාදීමට වාර්ෂිකව පොල්පැල නිෂ්පාදනය වැඩිකොට තිබෙනවා. 2022 වසරේ පමණක් මේ වනවිට අප එවැනි දෙමුහුන් පොල් ප්‍රභේද පැල මිලියන 4 ක් නිෂ්පාදනය කොට තිබෙනවා. පුරන් කුඹුරු පොල් වගාවට යොමු කොට තිබෙනවා. පොල් ඉඩම් කැබලි කිරීම නීතිමය වශයෙන් නවත්වා තිබෙනවා. ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුල්කොට පොල්ගස් කැපීමෙන් ආරක්ෂා කොට තිබෙනවා. උතුරේ පොල් වගාව ප්‍රවර්ධනය කොට තිබෙනවා. මේ සියළු දේ මගින් ඉතා කඩිනමින් පොල් ආශ්‍රිත අපනයන ආදායම අනෙකුත් වැවිලි භෝග අභිබවා යමින් ප්‍රවර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි "
මෙම අවස්ථාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ , පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත් , පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.
මෙම උත්සව අවස්ථාව සංවිධානය සඳහා මූල්‍ය අනුග්‍රාහක දායකත්වය පොල් නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන පෙළේ ආයතනයක් වන ‘ Silvermill’ විසින් ලබාදීම සිදුකෙරිණි.