විවිධ බාධක ගැන ප්‍රකාශ කරමින් නොසිට, මෙරට ධනය ජාතියේ යහපත වෙනුවෙන් හා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රාජ්‍ය අංශය පමණක් නොව, පෞද්ගලික, සමූපකාර අංශ ඇතුළු ගම් මට්ටමේ සියලු පාර්ශව මෙන්ම දේශපාලන අධිකාරියේ සහයෝගයෙන් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ "ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩ සටහන" දියත් කිරීම සඳහා රට පුරා දිසාපතිවරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සමාරම්භක සාකච්ඡාවට (07 දින )නාරාහේන්පිට,ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරි වසම්, "ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර" වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ "ජාතික වැඩසටහනට", කැබිනට් අනුමැතිය හිමිවූ අතර ඊට අදාළ චක්‍රලේඛයද නිකුත් කෙරිණි.
පැවති සාකච්ඡාවේදී, රට පුරා මෙම "ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර" සති 2ක් තුළ පිහිටුවීමට, දිසාපතිවරු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත සහතිකයක් ලබාදුන්හ. ඒ අනුව 2022.09.19 ට පෙර මෙම කමිටු පිහිටුවා අවසන් කළ යුතුය.
ඒ ඒ ග්‍රාම නිලධාරි වසම්වල ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පත් කෙරෙන කමිටුව මෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින්ද ආර්ථික පුනර්ජීවන කමිටු පත් කෙරේ. මෙම ක්‍රියාවලිය ජාතික කමිටුවක් මගින් අධීක්ෂණය කරනු ඇත.
ප්‍රාදේශීය මහජන නියෝජිතයන් දෙදෙනෙකු මෙම "ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර"යන්හි අනුශාසකවරු වශයෙන් සහයෝගය ලබාදෙන බවද මීට අදාළව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ පෞද්ගලික අංශය, සමූපකාර, සණස, ධීවර, පශු සම්පත් කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, උපදේශක හා සහායක සේවා, රාජ්‍ය නොවන අංශ ආදී සක්‍රීය පාර්ශ්වකරුවන් සමග, ප්‍රගති සමාලෝචන ක්‍රියාවලියක්ද අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සඳහන්ය.
ග්‍රාමීය ආර්ථිකය ක්‍රියාවලිය කඩිනමි යළි ශක්තිමත් කිරීම මෙන්ම රට තුළ ජාතික ආහාර සුරක්ෂිතතාවය ද සහතික කරන පිණිස මෙම "ජාතික වැඩසටහන" දියත් කෙරේ. ඒ අනුව, රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමුපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවයද ශක්තිමත් කරමින්,මෙරට ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට මෙමගින් යෝජිතය.
ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ආහාර සුරක්ෂිතතා කමිටු ඉලක්ක සපුරා ගැනීමටද මෙමගින් අපේක්ෂිතය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා රට තුළ ආහාර නිෂ්පාදන පරිමාව දෙගුණ කිරීම, ග්‍රාමීය හා නාගරික මන්දපෝෂණය තුරන් කිරීම යන ප්‍රමුඛ අරමුණුද ඉටුකර ගැනීම මෙමගින් ඉලක්ක කර ඇත.
අන්ත දිළිඳු පවුල් සක්‍රිය ආර්ථික ක්‍රියාවලියකට බද්ධ කරන තෙක් ප්‍රමාණවත්වූ සහනාධාර ලබාදීමද සිදුකරන අතර ප්‍රවාහන ක්‍රමවේද නවීකරණය හරහා පසු අස්වනු හානි අවම කිරීමද ඇතුළත් වන සියලු නිෂ්පාදන ඉහළ ඵලදායත්වයකට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත.
දිවයිනේ සියලු ම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි, රාජ්‍ය යාන්ත්‍රණයේ අමාත්‍යාංශ මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා දිවෙන ඒකාබද්ධ ප්‍රවේශයක් මත මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.
දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ක් යටතේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14022 ක් ස්ථාපිතව තිබේ. ඒ එක් එක් ග්‍රාම නිලධාරී වසමක් සඳහා
පරිපාලන, කෘෂිකාර්මික, ආර්ථික, සමාජ, සෞඛ්‍ය හා පෝෂණ කටයුතු මැනවින් ක්‍රියාත්මක කිරීමට, රජය විසින් පුහුණුව දුන් ක්ෂේත්‍ර නිලධාරින් පස් දෙනෙකු සෘජුවම පත් කොට ඇත. ග්‍රාම නිලධාරි වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර බවට පත් කිරීමේ ජාතික වැඩසටහනට ගම් මට්ටමේ සිටින මෙම සියලු ම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රශස්ථ ඵලදායිතාවය සෘජුව ම ලබාගැනීමට අපේක්ෂිතය.
එමෙන්ම සියලු පවුල්වල කෘෂිකාර්මික, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම සෞඛ්‍ය තත්ත්වය, දිළිඳුකම තුරන් කිරීම සහ පෝෂණය ඉහළ නැන්වීම යනාදිය පිළිබඳ ඉ - දත්ත පද්ධතියක් මගින් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමටද මෙම ජාතික වැඩසටහන යටතේ සැලසුම් කර ඇත.
" ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනම් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන" දියත් කිරීමේ පළමු සාකච්ඡාවට, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් එම්. එම් .පී කේ. මායාදුන්නේ, , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. රත්නායක, කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාරයන මහත්ම මහත්මීහු, කොළඹ, ගම්පහ, කළුතර දිසාපතිවරු ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්වූහ. එමෙන්ම අනෙකුත් සියලු දිස්ත්‍රික් ලේකම්වරු zoom තාක්ෂණය ඔස්සේ මීට එක්වූහ.