පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාවක්

    සැප්තැම්බර් 12, 2022

    මිරිස් ලංකාව තුළ නිපදවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. බී ළුෑණු ආනයනය සඳහා බද්ධක් පනවන්න තීරණය කළා.මොකද ගොවියාගේ අස්වැන්න ලැබෙනකොට රටින් ආනයනය කරලා බී ළුෑණූ ගොවියාගේ අස්වැන්න අඩු මිළට ගන්නවා.මේවා නවත්තන්න ඔින යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වෙමිනි.

    මෙහිදී මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදනය කළ බඩ ඉරිඟු,මිරිස්,ළුෑණු,මුං,උඳු ඇතුලු නව බීජ ප්‍රභේද හා වැඩිදියුණු කරන ලද දෙමුහුන් බීජ ප්‍රභේද හා ඒවායේ අස්වනු නිරීක්ෂණය කරනු ලැබීය. අනතුරුව ආයතනයේ වත්මන් තත්ත්වය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ,
    මිරිස් ලංකාව තුළ නිපදවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. බී ළුෑණු ආනයනය සඳහා බද්ධක් පනවන්න තීරණය කළා.මොකද ගොවියාගේ අස්වැන්න ලැබෙනකොට රටින් ආනයනය කරලා බී ළුෑණූ ගොවියාගේ අස්වැන්න අඩු මිළට ගන්නවා.මේවා නවත්තන්න ඔින.ඒ නිසා මං ඒ සඳහා අවශ්‍ය පියවරයන් ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකසලා කඩිනමින් බී ළුෑණූ ගොවියාට සාධාරණයක් ඉටු කරනවා යැයි වැඩිදුරටත් පැවසීය.

    පොහොර ප්‍රශ්නය ද ඉදිරි කන්නයේ දී විසඳීම සඳහා අවශ්‍ය කටයුතු හා පියවරයන් ගනිමින් සිටින බවද තහනම් කෘෂී රසායනික භාවිතය පිළීබඳවද මෙහිදිී වැඩිදුරටත් සාකච්ඡා විය.ඒවා ද නෛතික ක්‍රමවේදයන් යටතේ නිසි ක්‍රමවේදයක් යටතේ ඉදිරියට කරගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    පර්ලිමේන්තු දුමින්ද දිසානායක මහතා ද මෛම ආයතනයේ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන කරුණු පිළීබඳ අදහස් දක්වන ලදී. මෙම අවස්ථාවට ආයතනයේ නිළධාරීන් ඇතුලු පිරිසක් එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya