නිදහසේ 75 වන සමරු උළෙල - 2023, කමිටු සාමාජිකයන්ගේ කාර්යභාරය පිළිබඳ ඊයේ (14) , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාද එක්වූ මෙම සාකච්ඡාවේදී , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වන වසර යනු සුවිශේෂි අවස්ථාවක් බවය. එය තේරුම් ගෙන ජාතික උත්සවයේ සියලු කටයුතු, නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කරගනිමින්, අඩු වියදමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ගෙන අලුතින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙස උපදෙස් ලබාදුන්නේය.ජනාධිපතිතුමා ද අපේක්ෂා කරන්නේ නව ආකාරයකින් මෙවර නිදහස සැමරීම බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සාකච්ඡාවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මෙන්ම මීට අදාළ සියලු අමාත්‍යංශ, ආයතනවල ප්‍රධාන නිලධාරීහු සහභාගි වූහ.